මූලික රැකියා තොරතුරු  
රැකියා තනතුර සුපිරි වෙළඳසැල් ගබඩා විධායක
දෙපාර්තමේන්තුව මෙහෙයුම්
සේවා ස්ථානය අදාළ සේවා ස්ථානයක
වැඩකල යුතු පැය ගණන පෙ.ව.7.30- ප.ව.4.30 – ප.ව.1-ප.ව.10
ශ්‍රේණිය / මට්ටම විධායක
   
දැනුම, කුසලතා සහ පළපුරුද්ද  
   
සුදුසුකම් • පිළිගත් වෘත්තීය/අධ්‍යාපන ආයතනයකින් ව්‍යාපාර හෝ ඊට අදාළ විනය පිළිබඳ උපාධිය
පළපුරුද්ද •කීර්තිමත් සුපිරි වෙළඳසැල් ජාලයක ගබඩා සහකාර කළමනාකරුවෙකු/විධායකයෙකු ලෙස වසර 2කට වැඩි පළපුරුද්දක්.
දැනුම ,කුසලතා සහ දක්ෂතා “• පරිගණක සාක්ෂරතාව
• බහු කාර්ය කුසලතා
• ඉදිරිපත් කිරීමේ හැකියාව
• විශ්ලේෂණ කුසලතා
• පොදු කථන කුසලතාව.
   
   
ප්‍රධාන රාජකාරි සහ වගකීම්  
Back yard, ගබඩාවල, ගබඩා රාක්කවල හා ගබඩා විධායක නිලධාරියාගේ කාර්යාලයේ පිරිසිදුකම සඳහා වගකීම දැරිය යුතුය.  
සමාගම විසින් නියම කර ඇති සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට (SOP) අනුව සුපිරි වෙළඳසැලට භාණ්ඩ ලැබීමේ දී ( Receiving) ලබා ගැනීම සිදු කළ යුත්තේ භාණ්ඩයේ ගුණාත්මක භාවය , කල් ඉකුත් වීමේ දිනය, උපරිම සිල්ලර මිල , ශුද්ධ බර හා අගය එකතු කල අයිතමය (Value added items) වල වර්ණ කේත ( Color Codes) යන සියල්ල භාණ්ඩ ලබාගන්නා ස්ථානයේ දීම පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.  
පද්ධතියට භාණ්ඩ ලැබුණු සටහනක් (GRN) පළකිරීමේ වගකීම සහ සෑම දිනකම අවසානයේ සුපිරි වෙළඳපොලේ Pending GRN කිසිවක් නොතිබිය යුතුය.  
පද්ධතියට භාණ්ඩ transfer කිරීමේ වගකීම හා දවස අවසානයේදී කිසිදු pending transfer හෝ මාරු කිරීමක් සිදු නොවිය යුතුය.  
සමාගමේ ප්‍රමිතියට අනුව නිසි වර්ගීකරණයක් සහිතව ගබඩා සැකැස්ම පවත්වාගෙන යා යුතුය.  
ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා වගකිව යුතු අතර පද්ධතියෙන් ලබා ගන්නා ලද ඇණවුම් වලට (Auto PO) දැඩි ලෙස අනුගත වීම, ඇණවුම් ගොනු නඩත්තු කළ යුතු අතර පද්ධතියෙන් ලබා ගන්නා ලද මිලදී ගැනීමේ ඇණවුමට අනුව Receiving සිදු කළ යුතුය. අතිරික්ත නම්, අත්සන සහිත Invoice සංස්කරණය කිරීමෙන් පමණක් ඇණවුම් කළ ප්‍රමාණය ලබා ගත යුතුය. ලැබුණු ප්‍රමාණය අඩු නම් එම අවස්ථාවේ දී අදාළ බලධාරීන්ට සහ කළමනාකාරිත්වයට දැනුම් දිය යුතුය.(Sop අනුගමනය කළ යුතුය)  
නියමිත වේලාවට සැපයුම්කරු බෙදා හැරීමේ කාලසටහන (Supplier Deliver Schedule) සහ කාලසටහන පවත්වා ගැනීම සඳහා වගකිව යුතු අතර, සැපයුම්කරු විසින් කාලසටහන අනුගමනය නොකරන්නේ නම්, අදාළ බලධාරීන්ට සහ කළමනාකාරිත්වයට කාලෝචිත ලෙස දැන්විය යුතුය.  
MRN ක්‍රියා පටිපාටිය සඳහා වගකිව යුතු අතර අදාළ සම්මත ක්‍රියා පටිපාටිය බැලිය යුතුය. සම්පූර්ණ ක්‍රියාවලියේ වගකීම ගබඩා විධායකවරයා සතු වේ.  
නිසි පරිදි Return category පද්ධතියට එක කිරීම හා අදාල සැපයුම්කරුවන්ට ලබා දිය යුතු අතර භාණ්ඩ සැපයීම සදහා වගකිය යුතුය.  
සුපිරි වෙළඳසැලෙහි ඇති තොග සඳහා වගකිව යුතුය .(Top 1000 items ලබා ගැනීමේ හැකියාව,Essential items ලබා ගැනීමේ හැකියාව, සම්පත් නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව යනාදියෙන් Out of Stock පරීක්ෂා කිරීම හා අවශය පරිදි තොග නොමැති නම් අවශය ක්‍රියාමාර්ග ගත යුතුය.)  
සියලුම කාණ්ඩවල perpetual stock ගැනීම සඳහා වගකිව යුතුය. කැලැන්ඩර මාසයකදී සියලුම SKU perpetual stock Verify කල යුතුය.  
ආහාර පනත , ලේබල් කිරීමේ රෙගුලාසි සහ නීතිය මගින් වෙනත් වි්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූලව නිෂ්පාදන ලබා ගැනීමේ දී සහ ගබඩා කිරීමේ දී නිෂ්පාදනවල ගුණාත්මකභාවය කළමණාකරනය කල යුතුය.  
ප්‍රධාන ගබඩාවට භාණ්ඩ ඇනවුම් (Transfer Request) නිසි වේලාවට ලබා දීම හා ගෙන්වා ගැනීම කල යුතුය.  
ශාඛාව තුල Pest Control සිදු කිරීම , නියමිත ආකාරයෙන් පවත්වාගෙන යාම හා පළිබෝධ වලින් තොර පරිසරයක් පවත්වාගෙන යාමට කටයුතු කල යුතුය.  
GRN සහ Return Note සඳහා ලිපිගොනු නඩත්තු කිරීම සහ ප්‍රධාන කාර්යාලයේ මුල්‍ය දෙපාර්තමේන්තුව වෙත ලේඛන නියමිත වේලාවට යැවීම.  
ශාඛාවට අදාල ගබඩා සහයකවරුන්ගේ නිල ඇඳුම්, හැඳුනුම්පත්, පිරිසිදු බව පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ හැසිරීම් පිලිබදව වගකීම දැරිය යුතුය.  
Transfer In Out පරීක්ෂා කිරීම හා ඊට අදාල ලිපිගොනු නිසි පරිදි පවත්වාගෙන යාම.  
නිෂ්පාදනයේ ස්වභාවය අනුව උෂ්ණත්වය පවත්වා ගැනීම, එනම් අර්තාපල්, ලුණු ආදිය.  
හදිසි අවශයතාවකදී කණ්ඩායම් හැගීමකින් යුතුව අනෙකුත් කාර්‍යයන් සම්පූර්ණ කිරීම සදහා සාමුහිකව වගකීම් දැරිය යුතුය.  
කළමනාකාරීත්වය විසින් ලබා දෙන දෛනික රාජකාරී පිරික්සුම් ලැයිස්තුව ඉටු කල යුතුය.  

Job Designation (රැකියා තනතුර): Store Executive
Job Type (රැකියාවේ ස්වාභාවය): නුපුහුණු පුහුණු

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf