මූලික රැකියා තොරතුරු
රැකියා තනතුර - වෙළද සහායක
දෙපාර්තමේන්තුව - මෙහෙයුම්
සේවා ස්ථානය - අදාළ සේවා ස්ථානයක
වැඩකල යුතු පැය ගණන - පෙ.ව.7.30- ප.ව.4.30 - ප.ව.1-ප.ව.10
ශ්‍රේණිය / මට්ටම - විධායක නොවන
 
දැනුම, කුසලතා සහ පළපුරුද්ද
සුදුසුකම් - අපොස සා.පෙළ සමත් වීම
පළපුරුද්ද - මාස 6ක පළපුරුද්ද
දැනුම ,කුසලතා සහ දක්ෂතා - සන්නිවේදන කුසලතා , ප්‍රසන්න පෙනුම
 
 
ප්‍රධාන රාජකාරි සහ වගකීම්
වෙන් කර ඇති කාණ්ඩවල තොග පරීක්ෂා කර කළමනාකරුට දැන්වීම.
කල් ඉකුත්වී ඇති සහ කෙටි කලකින් කල් ඉකුත්වන භාණ්ඩ සුපිරි වෙළෙඳසැලේ තිබේදැයි පරීක්ෂා කිරීම.
සුපිරි වෙළඳසැලේ රාක්ක පිරිසිදුව තබා ගැනීම.
GP අනුව කාණ්ඩයේ සැලැස්ම පරීක්ෂා කිරීම.
කළමනාකරු විසින් ලබා දෙන කාලසටහනට අනුව කඩින් කඩ තොග ගැනීම් සිදු කිරීම.
කළමනාකරු විසින් පවරන ලද අලෙවිසැලට සම්බන්ධ පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වීම.
සෑම දිනකම පවත්වනු ලබන උදෑසන briefing එකේදී කාණ්ඩයේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීම
තෘ‍ප්තිමත් පාරිභෝගික සේවාවක් සැපයීම.
පාරිභෝගික සේවා සැපයීම , නිෂ්පාදන විමසීම් හා පැමිණිලි ආයතනික හර පද්ධතියට අනුකූලව හැසිරවීම කල යුතුය.
නිසි පරිදි ආයතනික නිල ඇදුම හා ආයතනික හැදුනුපත පැලද සිටිය යුතු අතර හිසකෙස් , රැවුල ,පලදනා ආයතනයේ නීති රීති වලට අනුව සිදු කල යුතුයි.
ශාඛාවේ රාක්ක නිසි පරිදි පිරිසිදු කිරීම් , හා නඩත්තු කිරීම සිදු කල යුතුය.
තොග විකුණුම් ස්ථානයේ (Bulk Area) ඇති භාණ්ඩ වල ගුණාත්මකභාවය පරීක්ෂා කල යුතු අතර භාණ්ඩ කිරා දිය යුතුය.
කලමණාකරීත්වයේ උපදෙස් පරිදි SEL ප්‍රදර්ශනය කිරීම හා නඩත්තු කිරීම සිදු කල යුතුය.
අතවශ්‍ය හා විශේෂ අවස්ථාවල දී පාරිභෝගික භාණ්ඩ මලු (Parking Area) වෙත රැගෙන යාම සහ වැසි සහිත කාලගුණ අවස්ථාවල දී අවශ්‍ය සහයෝගය ලබා දීම සිදු කල යුතුය.
සියලුම ස්ථාන, රථගාල, backyard, ගබඩාව, කාර්යාල, නානකාමර ආදිය පිරිසිදු කිරීම.
ශාඛා කලමනාකරු විසින් ලබා දී ඇති Perpetual කඩින් කඩ තොග ගණන් කිරීම කල යුතුය.
එලවලු ,පලතුරු හා Counter Promotion පාරිභෝගිකයා වෙත හදුන්වා දීම සිදු කල යුතුය.
අතවශය හා විශේෂ අවස්ථාවල දී මුදල් අයකැමිවරුන් හට භාණ්ඩ ඇසිරීම සදහා සහයෝගය ලබාදීම කල යුතුය.
Loyalty card හා ඉතුරුම් වාසිය පාරිභෝගිකයන්ට හදුන්වා දීම සිදු කල යුතුය.
ශාඛාවේ තිබෙන Trolley හා Basket පිරිසිදු කිරීම කල යුතුය.
කලමනාකාරීත්වය විසින් ලබාදෙන දෛනික රාජකාරී පිරික්සුම් ලැයිස්තුව ඉටු කරන්න.
Job Designation (රැකියා තනතුර): Sales Assistant
Job Type (රැකියාවේ ස්වාභාවය): නුපුහුණු පුහුණු

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf