Assistant Accountant 
සුදුසුකම් / පළපුරුද්ද
අවම වසර තුනකට නොඅඩු සේවා කාලයක් සපුරා තිබීම
දැනුම, දක්ෂතා හා හැකියාවන්
Quick book, MS Word / Excel / PowerPoint වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ හුරුපුරුදුකම
විශ්ලේෂණ කුසලතා
අර්ථකථන කුසලතාව
නායකත්ව කුසලතා
ඉදිරිපත් කිරීමේ කුසලතාව
ප්‍රධාන රාජකාරි සහ වගකීම්
සියලුම බැංකු ගිණුම් සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙළ කිරීම, ශාකා වල මුදල් තැන්පතු
සම්භන්ධීකරණය කිරීම, අධීක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා සැලසුම් කිරීම, බැංකු
ගාස්තු ගිණුම්ගත කිරීම, ඉදිරි දිනවල බැංකුගත වීමට නියමිත චෙක්පත් විස්තර පිළියෙළ
කිරීම සහ කළමනාකරණයට දිනපතා ඉදිරිපත් කිරීම, සාරාංශයන් අවශ්‍ය පාර්ශවයන් වෙත
ඉදිරිපත් කිරීම.
ආයතනයේ අවශ්‍යතා වෙනුවෙන් බදු හා කල්බදු ගිවිසුම් පිළියෙළ කිරීමට සහාය වීම,
අනෙකුත් පාර්ශවයන් සමග සම්භන්ධීකරණය කිරීම, ගිණුම්ගත කිරීම, ගෙවීම් සිදු කිරීම
සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
මාසික, කාර්තුමය හෝ වෙනත් පදනමකින් සිදුකරන බදු කුලී ගෙවීම් පිළියෙළ කිරීම,
ගිණුම්ගත කිරීම, අවශ්‍ය සම්භන්ධීකරණය සිදුකිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස
ගොනුගත කොට පවත්වාගෙන යාම.
ආයතනික මට්ටමින් සිදුකරන බැංකු ඇපකර සිදු කිරීම, ඒවා අලුත් කිරීමට අදාල කටයුතු,
අවසන් කිරීම් ආදිය අවශ්‍ය පාර්ශව සමග සංනිවේදනය සහ සම්භන්ධීකරණය සිදු
කිරීම, ගිණුම්ගත කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
ආයතනයේ ස්ථාවර වත්කම් හෝ වෙනත් ජංගම වත්කම් වලට අදාලව සිදුකරන කල්බදු
කුලී සින්නකර, රක්‍ෂණ ආදී සියළු කටයුතු සම්භන්ධීකරණය සිදු කිරීම, අවශ්‍ය පාර්ශව
සමග සන්නිවේදනය කිරීම, ගිණුම්ගත කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත
කොට පවත්වාගෙන යාම.
ආයතනයේ ස්ථාවර වත්කම් මිලට ගැනීම ඉවත් කිරීම ආදියට අවශ්‍ය ඇණවුම් සකස්
කොට අදාළ පාර්ෂව වෙත ප්‍රේෂණය කිරීම, ගෙවීම් සිදු කිරීම, අවශ්‍ය පාර්ශව සමග
සන්නිවේදනය කිරීම, ගෙවීම් ගිණුම්ගත කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත
කොට පවත්වාගෙන යාම සහ බිල්පත් ආයතනයේ ස්ථාවර වත්කම් පරිපාලන නිලධාරී
වෙත ලබාදීම.
ආයතනික මට්ටමින් සිදු කරන ඍජු වියදම් (ඉදිකිරීම්, මසිකව කාර්තුමය හෝ වෙනත්
පදනමකින් ගෙවීම් සිදු කරන විකිණීමේ පදනමකින් තොරව සිදු කරන සියළු ගෙවීම්
(දුරකථන, ජල විදුලි ආදිය රහිතව)) පරීක්‍ෂා කිරීම, ගිණුම් ගත කිරීම, ගෙවීම් සකස් කිරීම
සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
ශාකා වලට අවශ්‍ය කාඩ්පත් යන්ත්‍ර බැංකු වෙතින් ඇණවුම් කිරීම සහ අවශ්‍ය පාර්ශව
සමග සම්භන්ධීකරණය සිදු කිරීම.
ආයතනික සිම්පත් ඇණවුම් කිරීම සහ ක්‍රියාකාරී කිරීමට අවශ්‍ය සම්භන්ධීකරන කටයුතු
සිදු කිරීම.
මාසික වැටුප් අත්තිකාරම් සාරාංශය, සේවක ණය සාරාංශය සහ වෙනත් අඩු කිරීම් සාරාංශය
පිළියෙළ කර මානව සම්පත් අංශය වෙත ප්‍රේෂණය කිරීම, ගිණුම් ගත කිරීම හා ලිපි ලේඛණ
නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
1 තෑගි වවුචර්පත් අනුමත කොට අත්සන් කිරීම.
2 චෙක්පොත් ඇණවුම් කිරීම.
තම විෂය පථයට අදාළ සියළු තොරතුරු ඕනෑම අවස්ථාවක ආයතනයේ අභ්‍යන්තර හා
භාහිර විගණක වෙත ලබාදීම සහ වාර්ෂික භාහිර විගණක සමග සම්භාන්ධීකරන සිදු
කිරීම.
4 දෛනික කාර්ය සාධන වාර්තාව කළමනාකරණයට යැවිය යුතුය.
ගිණුම් අංශයේ මණ්ඩලය සැලසුම් කිරීම, පැවරීම සහ සමාලෝචනය කිරීම නිතිපතා සිදු කිරීම
සහ ප්‍රගතිය කළමනාකරණයට වාර්තා කිරීම.
සම්මත චක්‍රයට අනුව මාසික සහ වසර අවසාන ගිණුම් තොරතුරු පද්ධති යාවත්කාලීන
කිරිම.
අභ්‍යන්තර විගණනයේ සහ බාහිර විගණනයේ සහාය ඇතිව අභ්‍යන්තර පාලනයන්
පවත්වාගෙන යාමට සහ ශක්තිමත් කිරීමට ව්‍යාපාර ක්‍රියාවලි සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති
සංවර්ධනය කිරීම සහ ලේඛනගත කිරීම.
අභ්‍යන්තර දෙපාර්තමේන්තු, පුද්ගලයන් සහ සැපයුම්කරුවන් සහ අනෙකුත් සියලුම
පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරිම.
ගනුදෙනුකරුවන් සමඟ ධනාත්මක අන්තර්ක්‍රියා තුළින් ශක්තිමත් සේවාදායක
සම්බන්ධතාවයකට දායක වීම
මූල්‍ය තොරතුරු රහසිගතව තබා ගැනීමෙන් විශ්වසනීයත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම
සහ මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම.
පවතින සහ නව නීති අධ්‍යයනය කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම සහ අවශ්‍ය
ක්‍රියාමාර්ග පිළිබඳව කළමනාකරණයට උපදෙස් දීම මගින් රජයේ නීතිමය අවශ්‍යතා සහ
මූල්‍ය රෙගුලාසිවලට අනුකූල වීම.
පහත සඳහන් අවස්ථාවකදී හෝ කළමනාකරණය විසින් තීරණය කරන ලද ඕනෑම
අවස්ථාවකදී ගිණුම් කලමනාකර තනතුරේ රාජකාරී කටයුතු සිදු කිරීම.
(කළමනාකරු නිවාඩු ලබාගත් අවස්ථාවකදී, රැස්වීමකට සහභාගී වන අවස්ථාවකදී, ශාකා
අධීක්ෂනයකට යන අවස්ථාවකදී.)
Job Designation (රැකියා තනතුර): Assistant Accountant

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf