Account Executive

සුදුසුකම් / පළපුරුද්ද
ගණකාධිකරන පාඨමාලාවක් හෝ ඩිප්ලොමාවක් හදාරා තිබීම
අවම වසර දෙකක සේවා කාලයක් සපුරා තිබීම
දැනුම, දක්ෂතා හා හැකියාවන්
Quick book, MS Word / Excel / PowerPoint වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ හුරුපුරුදුකම
විශ්ලේෂණ කුසලතා
අර්ථකථන කුසලතාව
නායකත්ව කුසලතා
ඉදිරිපත් කිරීමේ කුසලතාව
ප්‍රධාන රාජකාරි සහ වගකීම්
ප්‍රධාන මුදල් ගිණුම, සුළු මුදල් ගිණුම, කාසි ගිණුම, මාරු මුදල් ගිණුම, ඉලෙක්ට්‍රොනික්
මුදල් ගිණුම් ආදී සියලුම වර්ගයේ මුදල් ගිණුම් නඩත්තු කොට පවත්වාගෙන යාම,
පරීක්‍ෂා කිරීම, ගිණුම් කටයුතු සිදු කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට
පවත්වාගෙන යාම.
ප්‍රධාන කාර්යාලයේ මුදල් පරිපාලනය කිරීම, ගණනය කිරීම, ගෙවීම් සිදු කිරීම, මුදල්
ලැබීම් ගිණුම් ගත කිරීම, ලැබිය යුතු මුදල් පරීක්‍ෂා කිරීම හා අවශ්‍ය පාර්ශව සමග
සන්න්වේදනය හා සම්භන්ධීකරණය කිරීම.
ශාකා වලට අවශ්‍ය මාරු මුදල් හා කාසි බැංකු වෙතින් ලබාගැනීම, ප්‍රේෂණය කිරීම,
ගිණුම්ගත කිරීම ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
සියලුම IOU නිකුත් කිරීම, පියවීම් ලබා ගැනීම, ගිණුම් ගත කිරීම හා ලිපි ලේඛණ නිසි
ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
සියලුම ආයතනික විදුලි, ජල, දුරකථන හා සන්නිවේදන බිල්පත් ගිණුම්ගත කිරීම, ගිණුම්ගත
කරන ලද ලෙජර් ගිණුම් පරීක්‍ෂා කිරීම, ගෙවීම් සිදු කිරීම, අදාළ පාර්ශව සමග සන්නිවේදන
කටයුතු සිදු කිරීම, ලිපි ලේඛන සකස් කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට
පවත්වාගෙන යාම.
ආයතනයේ ස්ථාවර වත්කම් මිලට ගැනීම, ඉවත් කිරීම, ශාකා හා දෙපාර්තමේන්තු අතර
හුවමාරු කිරීම් හා ප්‍රත්‍යයගණනයට අදාළ සියළු කටයුතු සම්භන්ධීකරණය හා
අධීක්‍ෂණය කිරීම, ස්ථාවර වත්කම් ලේඛනය නඩත්තු කිරීම, සියලුම ගිණුම්ගත කිරීම්
සිදු කිරීම, මාසික පදමනින් ක්ෂයවීම් ගණනය කොට ගිණුම් ගත කිරීම, අවශ්‍ය පාර්ශව
සමග සන්නිවේදනය කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන
යාම.
සියලුම කාඩ්පත් මගින් සිදු කරන විකිණුම් වලට අදාලව සැසඳුම් පිළියෙළ කිරීම,
ගිණුම්ගත කිරීම, පරීක්ෂා කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට
පවත්වාගෙන යාම.
තම විෂය පථයට අදාළ සියළු තොරතුරු ඕනෑම අවස්ථාවක ආයතනයේ අභ්‍යන්තර හා
භාහිර විගණක වෙත ලබාදීම සහ වාර්ෂික භාහිර විගණක සමග සම්භාන්ධීකරන සිදු
කිරීම.
දෛනික කාර්ය සාධන වාර්තාව කළමනාකරණයට යැවිය යුතුය.
ස්ථාවර වත්කම් වලට අදාලව වගකීම් සහතික ගොනුගත කොට පවත්වාගෙන යාම.
Job Designation (රැකියා තනතුර): Account Executive

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf