| ගණකාධිකරන පාඨමාලාවක් හෝ ඩිප්ලොමාවක් හදාරා තිබීම |
| අවම වසර දෙකක සේවා කාලයක් සපුරා තිබීම |
| දැනුම, දක්ෂතා හා හැකියාවන් |
| Quick book, MS Word / Excel / PowerPoint වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ හුරුපුරුදුකම |
| විශ්ලේෂණ කුසලතා |
| අර්ථකථන කුසලතාව |
| නායකත්ව කුසලතා |
| ඉදිරිපත් කිරීමේ කුසලතාව |
| ප්‍රධාන රාජකාරි සහ වගකීම් |
| ප්‍රධාන මුදල් ගිණුම, සුළු මුදල් ගිණුම, කාසි ගිණුම, මාරු මුදල් ගිණුම, ඉලෙක්ට්‍රොනික් |
| මුදල් ගිණුම් ආදී සියලුම වර්ගයේ මුදල් ගිණුම් නඩත්තු කොට පවත්වාගෙන යාම, |
| පරීක්ෂා කිරීම, ගිණුම් කටයුතු සිදු කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට |
| පවත්වාගෙන යාම. |
| ප්‍රධාන කාර්යාලයේ මුදල් පරිපාලනය කිරීම, ගණනය කිරීම, ගෙවීම් සිදු කිරීම, මුදල් |
| ලැබීම් ගිණුම් ගත කිරීම, ලැබිය යුතු මුදල් පරීක්ෂා කිරීම හා අවශ්‍ය පාර්ශව සමග |
| සන්න්වේදනය හා සම්භන්ධීකරණය කිරීම. |
| ශාකා වලට අවශ්‍ය මාරු මුදල් හා කාසි බැංකු වෙතින් ලබාගැනීම, ප්‍රේෂණය කිරීම, |
| ගිණුම්ගත කිරීම ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| සියලුම IOU නිකුත් කිරීම, පියවීම් ලබා ගැනීම, ගිණුම් ගත කිරීම හා ලිපි ලේඛණ නිසි |
| ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| සියලුම ආයතනික විදුලි, ජල, දුරකථන හා සන්නිවේදන බිල්පත් ගිණුම්ගත කිරීම, ගිණුම්ගත |
| කරන ලද ලෙජර් ගිණුම් පරීක්ෂා කිරීම, ගෙවීම් සිදු කිරීම, අදාළ පාර්ශව සමග සන්නිවේදන |
| කටයුතු සිදු කිරීම, ලිපි ලේඛන සකස් කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට |
| පවත්වාගෙන යාම. |
| ආයතනයේ ස්ථාවර වත්කම් මිලට ගැනීම, ඉවත් කිරීම, ශාකා හා දෙපාර්තමේන්තු අතර |
| හුවමාරු කිරීම් හා ප්රත්යයගණනයට අදාළ සියළු කටයුතු සම්භන්ධීකරණය හා |
| අධීක්ෂණය කිරීම, ස්ථාවර වත්කම් ලේඛනය නඩත්තු කිරීම, සියලුම ගිණුම්ගත කිරීම් |
| සිදු කිරීම, මාසික පදමනින් ක්ෂයවීම් ගණනය කොට ගිණුම් ගත කිරීම, අවශ්‍ය පාර්ශව |
| සමග සන්නිවේදනය කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන |
| යාම. |
| සියලුම කාඩ්පත් මගින් සිදු කරන විකිණුම් වලට අදාලව සැසඳුම් පිළියෙළ කිරීම, |
| ගිණුම්ගත කිරීම, පරීක්ෂා කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට |
| පවත්වාගෙන යාම. |
| තම විෂය පථයට අදාළ සියළු තොරතුරු ඕනෑම අවස්ථාවක ආයතනයේ අභ්‍යන්තර හා |
| භාහිර විගණක වෙත ලබාදීම සහ වාර්ෂික භාහිර විගණක සමග සම්භාන්ධීකරන සිදු |
| කිරීම. |
| දෛනික කාර්ය සාධන වාර්තාව කළමනාකරණයට යැවිය යුතුය. |
| ස්ථාවර වත්කම් වලට අදාලව වගකීම් සහතික ගොනුගත කොට පවත්වාගෙන යාම. |