Account Assistant  

සුදුසුකම් / පළපුරුද්ද
ගණකාධිකරන පාඨමාලාවක් හෝ ඩිප්ලොමාවක් හදාරා තිබීම
අවමය වසරක සේවා කාලයක් සපුරා තිබීම
දැනුම, දක්ෂතා හා හැකියාවන්
Quick book, MS Word / Excel / PowerPoint වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ හුරුපුරුදුකම
අර්ථකථන කුසලතාව
නායකත්ව කුසලතා
ඉදිරිපත් කිරීමේ කුසලතාව
ප්‍රධාන රාජකාරි සහ වගකීම්
තම අධීක්ෂණය යටතේ පවතින සියලුම ශාකා වල විකිණුම් සාරාංශ පරීක්‍ෂා කිරීම, වැරදි
නිවැරදි කිරීම, අවශ්‍ය පාර්ශව සමග සන්නිවේදනය කිරීම, , ගිණුම් ගත කිරීම් පරීක්‍ෂා
කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
කුරියර් සේවාව මගින් ආයතනය වෙත ප්‍රේෂණය වන ලිපි ලේඛණ හා අනෙකුත් විස්තර
පත්‍රිකා පරීක්‍ෂා කිරීම, අදාළ පාර්ශව වෙත ප්‍රේෂණය කිරීම, කුරියර් ලේඛණ ගොනුව
පරීක්‍ෂා කිරීම හා නඩත්තු කිරීම හා ශාකා වෙත යැවිය යුතු ලේඛණ නිවැරදි ලෙස
ප්‍රේෂණය කිරීම හා පසු විපරම් කටයුතු සිදු කිරීම.
සැපයුම්කරුවන්ගේ බිල්පත් හා භාණ්ඩ ලැබීමේ සටහන් ලෙජර් ගිනුම් සමග පරීක්‍ෂා
කිරීම, සැපයුම්කරුවන්ගේ වට්ටම්, ආපසු යැවීම්, ලොයලිටි විසිබිලිටි අඩුකිරීම් ආදී සියළු
කරුණු පරීක්‍ෂා කොට බිල්පත් ගෙවීම් සකස් කිරීම.
සැපයුම්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීම, ගෙවීම් වලට අදාළ තොරතුරු සැපයුම්කරුවන්
වෙත ප්‍රේෂණය කිරීම, ගිණුම් ගත කිරීම ගිණුම් නඩත්තු කිරීම සහ ලිපි ලේඛණ නිසි
ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
තම අධීක්ෂණය යටතේ පවතින ශාකා වලට අදාලව, මාසික පදනමින් ලාභාලාභ ගිණුම
පිළියෙළ කිරීම හා පරීක්‍ෂා කිරීම.
තම අධීක්ෂණය යටතේ පවතින ශාකා වලට අදාලව සියළු ගිණුම් පරීක්‍ෂා කිරීම, වැරදි
නිවැරදි කිරීම සහ ආයතනික ගිණුම්, පරිපාලන නීතිරීති හා කොන්දේසිවලට ඇති
අනුකුලතාවය පරීක්‍ෂා කොට නිරවද්‍යතාවය සහතික කිරීම.
තම අධීක්ෂණය යටතේ පවතින ශාකා වල මුදල් බැංකුගත කිරීම, ගිනුම්ගත වීම හා
සත්‍යාපනයට අදාළ තොරතුරු ලබා ගැනීම, පරීක්‍ෂා කිරීම ලිපි ලේඛණ නිසි ලෙස
ගොනුගත කොට පවත්වාගෙන යාම.
ආයතනික මට්ටමින් සිදුකරන ගනුදෙනු ගිණුම්ගත කිරීම, ගිණුම් නඩත්තු කිරීම සහ
ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම.
තම විෂය පථයට අදාළ සියළු තොරතුරු ඕනෑම අවස්ථාවක ආයතනයේ අභ්‍යන්තර හා
භාහිර විගණක වෙත ලබාදීම සහ වාර්ෂික භාහිර විගණක සමග සම්භාන්ධීකරන සිදු
කිරීම.
දෛනික කාර්ය සාධන වාර්තාව කළමනාකරණයට යැවිය යුතුය.
අභ්‍යන්තර දෙපාර්තමේන්තු, පුද්ගලයන් සහ සැපයුම්කරුවන් සහ අනෙකුත් සියලුම
පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරිම.
Job Designation (රැකියා තනතුර): Account Assistant

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf